2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ණය ප්‍රතිව්‍යුහගත වැඩේ ආණ්ඩුව අනාගෙන - සුනිල් හඳුන්නෙත්ති

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

ගයාන් ගාල්ලගේ I

රට ණය උගුලක හිර කළ පිරිස විසින්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගොස් අද වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් ලංකා රජයත් අතර සංවාදයක් නිර්මාණය වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී නැවත ගෙවීම දළ දේශීය නිෂ්පාදනය තුළින් සිදුකිරීමට සිදුවී ඇති බවත් ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුළු ස්වෛරී බැඳුම්කර නිකුත් කළ කණ්ඩායමේ තක්සේරුව මත බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ නිසා මේ මොහොතේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම තීරණාත්මක තැනට පැමිණ ඇති බව ඒ මහතා කීය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01