2024 මාර්තු 23 වන සෙනසුරාදා

රනිල් - රාජපක්ෂ හවුල එන ඡන්දයෙන් අවසන් - සුනිල් හඳුන්නෙත්ති

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:04 113

ගයාන් ගාල්ලගේ I

අද රනිල් වික්‍රමසිංහලා සහ බැසිල් රාජපක්ෂලා රහසිගත සාකච්ඡා සිදුකරන්නේ රට ආර්ථික අවුලෙන් ගලවා ගැනීමට නොව ඔවුන්ගේ අන්ත පරාජයෙන් ගැලවීමට බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික සහ හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුනෙත්ති මහතා දේශයට පැවසීය. මේ නිසා ඔවුන්ගේ බලය සහ පවුල් රැක ගැනීම සඳහා මේ වනවිට ජනාධිපතිවරණය ද මහ මැතිවරණය ද හොඳම යන්න බලමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය පැමිණිය ද මහ මැතිවරණය පැමිණිය ද රනිල් රාජපක්ෂ හවුල ඉදිරි මැතිවරණයෙන් අවසන් වන බව හඳුන්නෙත්ති මහතා කීය.

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01