2024 මාර්තු 16 වන සෙනසුරාදා

මාස දෙකහමාරට ඝාතන 21ක්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

සමන්ත ප්‍රදීප් විල්තෙර I

2024 ජනවාරි පළමුවැනිදා සිට මාර්තු 14 දක්වා හදිසි මනුෂ්‍ය ඝාතන 21ක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා දේශයට පැවසීය. මෙම ඝාතනවලට අමතරව බරපතළ වෙඩි තැබීමේ සිදුවීම් 32ක් දීපව්‍යාප්තව සිදුවී තිබේ.

එම වෙඩි ප්‍රහාරවලින් 17ක් සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කළ ඒවා බවත් ඉතිරි 14 සිදුකර ඇත්තේ පෞද්ගලික හේතු මත බවටත් ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කොටගෙන ඇත. වෙඩි ප්‍රහාර කිහිපයක හැර සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00