2024 මාර්තු 16 වන සෙනසුරාදා

ගෝඨාභය තනතුරින් ඉවත් වීම වරදක්! - සුගීෂ්වර බණ්ඩාර

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

දේශපාලන වාර්තාකරු I

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තනතුර හැර යන්නට සිදුවූයේ බුද්ධි අංශ තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීමත් සමස්ත ආරක්ෂක අංශයේ කඩා වැටීමත් නිසා බව හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා පැවසීය. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ඔහුගේ සමීපතම නිලධරයන් රැසක්ම තමන්ගේ වගකීම් පැහැර හරින ලද බව පැවසූ සුගීෂ්වර බණ්ඩාර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසියේ තනතුරින් ඉවත්වීම වරදක් බව විශේෂයෙන් සඳහන් කළේය.

එසේම ඕමල්පේ සෝභිත නාහිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට රටින් පිටව යාමට උදව් කළ බවට කරනු ලබන ප්‍රකාශය සත්‍යයෙන් තොර බව සඳහන් කරන පෞද්ගලික ලේකම්වරයා ඕමල්පේ හිමි තවදුරටත් සිංහල බෞද්ධ ජාතික බලවේගය නියෝජනය නොකරන බවද සඳහන් කළේය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00