2024 මාර්තු 16 වන සෙනසුරාදා

බෝග නිපැයුමෙන් තුනෙන් එකක් කැලේ!

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 13

ව්‍යාපාරික වාර්තාකරු I

රටේ කෘෂිකාර්මික බෝග නිෂ්පාදනයෙන් පසු සියයට තිහත් (30%) සියයට හතළිහත් (40%) අතර ප්‍රමාණයක් විනාශ වන බව නවතම විගණන වාර්තාවක සඳහන්ය. ශ්‍රී ලංකා පසු අස්වනු කළමනාකරණ ආයතනය සම්බන්ධයෙන් නිකුත් කර ඇති මෙම විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්ෂ 2009න් පසු 2023 දක්වා පසු අස්වනු හානිය ගැන විධිමත් දත්ත හඳුනාගෙන නැති බවය.

වසර 9ක් තිස්සේ රටේ පසු අස්වනු හානිය ගැන විධිමත් දත්ත හඳුනාගෙන නොතිබීම බරපතළ අඩුපාඩුවක් බව විගණන වාර්තාවෙහි සඳහන්ය.

කල් තබාගත හැකි බෝග නිෂ්පාදනය කොට විනාශ වීම කලක පටන් පවත්නා අර්බුදයකි. එම සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අඩුකර ගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විගණන නිරීක්ෂකයන්ට දැනුම් දී තිබේ.