2024 මාර්තු 16 වන සෙනසුරාදා

මහ බැංකු අධිපතිගෙන් අමුතු යෝජනාවක්?

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

ව්‍යාපාරික වාර්තාකරු I

ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ට වැඩි කරන ලද වැටුප අඩු කිරීමට මහ බැංකු අධිපතිවරයා විසින් කරන ලද යෝජනාවක් මහ බැංකු සේවකයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බව දේශයට වාර්තා වෙයි. පසුගිය සතියේ සියලුම මහ බැංකු සේවකයන් විශේෂ රුස්වීමකට කැඳවා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් මෙම යෝජනාව කර ඇත.

 

වැටුප් වර්ධකය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති නිසා මේ අවස්ථාවේදී වැටුප් අඩුකර පසුව සුදුසු සංශෝධනයක් ගැන සලකා බලමු යැයි මහ බැංකු අධිපතිවරයා සේවකයන්ට යෝජනා කර තිබේ.

එහෙත් සේවකයන් එම යෝජනාවට එකඟ නොවී ප්‍රකාශ කර ඇත්තේ මෙම වැටුප් වැඩිවීම සාමූහික ගිවිසුමක් අනුව සිදුව ඇති නිසා වෙනසක් කිරීමට එකඟ විය නොහැකි බවය.

අනතුරුව මහ බැංකු අධිපතිවරයා සේවකයන්ට දන්වා ඇත්තේ වැටුප් සංශෝධනයට එකඟ නොවන්නේ නම් නව පාර්ලිමේන්තු පනතක් මගින් එය සිදුකිරීමට ඉඩ ඇති බවය.

අප වෙත ලැබුණු තොරතුරු අනුව මහ බැංකුවේ 1300ට අධික සේවක සංඛ්‍යාවක් මෙම වැටුප් වර්ධක ප්‍රතිලාභය ලබා ඇත.