2024 මාර්තු 09 වන සෙනසුරාදා

රනිල් මහින්ද බැසිල් හමුව තීන්දුවකින් තොරව අවසන්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

තම පක්ෂයට පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ 69ක් දෙනා දැවැන්ත ජනවරමක් ලබාදුන්නේ රාජ්‍ය දේපළ විකිණීමට හා බලය බෙදාහැරීමට නොවන බව ජනාධිපතිවරයා සමඟ පසුගිය බ්‍රහස්පතින්දා පැවති විශේෂ හමුවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු ප්‍රකාශ කළහ. ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් අතර මෙම හමුව සිදුවූයේ පැජට් පාරේ නිවෙසේදීය.

මෙහිදී දෙපක්ෂය අතර පැය දෙකකට ආසන්න කාලයක් සාකච්ඡාව පැවති අතර සාගල රත්නායක මහතා ද ජනාධිපතිවරයා සමඟ මෙම හමුවට එක්විය. මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරු තම පක්ෂය ජනවරම ලබාගනිද්දී ජනතාවට ලබාදුන් පොරොන්දුවලට එකඟව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්හ.

මෙහිදී ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී ඇත්තේ රාජ්‍ය දේපළ ප්‍රතිව්‍යුහගත කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට බවයි.

මෙම සාකච්ඡාවේදී රාජපක්ෂ සහෝදරවරුන් ඉදිරි මැතිවරණ කාලසටහන ගැනත් මූලික වශයෙන් සාකච්ඡා කර ඇති අතර ඒ පිළිබඳ තොරතුරු කිසිවක් අනාවරණය නොවේ. කෙසේ වෙතත් මෙම හමුව කිසිදු තීරණයකින් තොරව හමාර වී ඇත.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00