2024 මාර්තු 09 වන සෙනසුරාදා

කතානායකට එරෙහි විශ්වාසභංගය 19දා විවාදයට?

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

දේශපාලන වාර්තාකරු I

කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව මෙම මස 19 වැනි දින විවාදයට ගැනීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

 

පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතාට විශ්වාසභංග යෝජනාව බාරදුන් විපක්ෂයේ මන්ත්‍රීවරු මේ සඳහා කඩිනම් විවාදයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව පසුගිය සිකුරාදා න්‍යාය පුස්තක පරිපූරකයට එම යෝජනාව ඇතුළත් කරනු ලැබීය. දින පහක් ඇවෑමෙන් විශ්වාසභංගය න්‍යාය පත්‍රයට ඇතුළත් කොට විවාද කළ හැකිය.

ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභාවේදී මේ විවාදය 19දා ආරම්භ කරනු ඇතැයි සඳහන් වේ. විපක්ෂය මේ සඳහා දින දෙකක කාලයක් ලබා දෙන මෙන් ඉල්ලීම් කිරීමට නියමිතව ඇත.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00