2024 මාර්තු 09 වන සෙනසුරාදා

ඉහළ උසාවි විනිසුරු තනතුරු පුරප්පාඩු 05ක්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

අධිකරණ වාර්තාකරු I

මේ වන විට අභියාචනාධිකරණයේ (ඇපැල් උසාවියේ) සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු තනතුරු 5ක් පුරප්පාඩුව පවතී. මෙම තනතුරු සඳහා නව විනිසුරුවරුන් පත්කිරීම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා කරන නිර්දේශ අනුව සිදුවෙයි.

ජනාධිපතිවරයා අදාළ නිර්දේශ සඳහා නාමයෝජනා ලබාගන්නේ අගවිනිසුරුවරයාගෙන් සහ නීතිපතිවරයාගෙනි. එහෙත් පසුගියදා මෙලෙස ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීමට යෝජනා කළ ඇපැල් උසාවියේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ නම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉහළ අධිකරණවල විනිසුරුවරුන් පත්කිරීම ප්‍රමාද වී ඇතැයි නීති අංශ ආරංචි මාර්ග කියයි. 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00