2024 මාර්තු 09 වන සෙනසුරාදා

මෛත්‍රී චන්ද්‍රිකා සන්ධානය : හතර දෙනෙක් ජනාධිපති ධූර අපේක්ෂකත්වය ඉල්ලති

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

දේශපාලන වාර්තාකරු I

ශ්‍රීලනිපය ප්‍රමුඛව නිර්මාණය කිරීමට යන නව දේශපාලන සන්ධානයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයන් හතර දෙනකු කැමැත්ත පළකිරීම හේතුවෙන් එම සන්ධානයේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇතැයි දේශයට වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරයකු ද විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයකු ද මේ සඳහා දැනටමත් සිය කැමැත්ත පළ කර තිබේ.

ඒ අතර යෝජිත සන්ධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් වූ නිමල් ලංසා කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ තම කණ්ඩායම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට යෝජනා කරන වගයි. මේ නිසා අපේක්ෂක නාමයෝජනා 4ක් ඉදිරිපත්ව ඇති බැවින් නව සන්ධානය බිහිකිරීම ප්‍රමාද වෙමින් ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.

මෙම ව්‍යාකූල තත්ත්වය තුළ සන්ධානය සඳහා මූලික වී කටයුතු කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද එම කටයුතුවලින් දුරස් වී ඇතැයි වාර්තා වෙයි.