2024 මාර්තු 02 වන සෙනසුරාදා

ලබන මාසෙදි තෙල්, ගෑස්, වැට් ලොකුවට අඩු කරයි

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01 531

I ගයාන් ගාල්ලගේ

ලබන අප්‍රේල් මාසයේ ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල විශාල ප්‍රතිශතයකින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ඊට අමතරව බදු ක්‍රමයේ විශාල වෙනසක් සිදුකිරීමට නියමිතව ඇති අතර දැනට පවතින 18% ක වැට් බද්ද 15% දක්වා නැවත අඩු කෙරෙනු ඇතැයි කියැවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ව සැලසුම් සකසමින් සිටින බව දැනගන්නට තිබේ. කෙසේ වෙතත් තෙල් සහ විදුලිය සහන මේ මස ලබාදීමට ආණ්ඩුව මීට පෙර සූදානම් වී සිටියත් අප්‍රේල් මාසයේ මෙම සහන මල්ල සමඟ එකවර ලබාදීමට අදාළ ආයතන තීරණය කර ඇත. 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00