2024 මාර්තු 02 වන සෙනසුරාදා

ළමා ආරක්ෂක අධිකාරියට ’’යුක්තිය’’ ගැන පැමිණිලි

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:02 73

I ගයාන් ගාල්ලගේ

යුක්තිය මෙහෙයුම හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන් හරහා දරුවන්ට සිදුවන යම් යම් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

ඒ අනුව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ද දැනුම්වත් කර ඇත. අනතුරුව ඇතැම් ස්ථානාධිපතිවරුන්ට ඍජුව අවවාද කර කළ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී දරුවන්ට පහරදීම්, බිය වැද්දීම් සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඇතැම් අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00