2024 මාර්තු 02 වන සෙනසුරාදා

සුසිල්ගේ පට්ටමට පොහොට්ටුවෙන් කොක්කක්

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03 2749

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බලයට පත්වී දැනට නිමල් ලංසා කණ්ඩායම සමඟ කටයුතු කරන සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සභානායක ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමට පොහොට්ටුව ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් කණ්ඩායමක් තීන්දු කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

එම මන්ත්‍රී කණ්ඩායමේ මතය වී ඇත්තේ ජනාධිපති ධූරය, අග්‍රාමාත්‍ය ධූරය හා සභානායක ධූරය යන තනතුරු තුනම දැනට පොහොට්ටුවට අහිමි වී ඇති වගයි. එබැවින් පක්ෂයේ අනුමැතියට පිටින් කටයුතු කරන කවර තරාතිරමක වුවද කෙනකුගේ ක්‍රියා කලාපයට සහාය නොදැක්විය යුතු බව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම පවසති.

ඒ අනුව ඉදිරියේදී පක්ෂ නායකත්වය සමඟ ද සාකච්ඡා කොට අදාළ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයි ඒ සම්බන්ධව දේශයට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00