2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ව්‍යවස්ථා සභාවට නීතිපති කැඳවයි

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

දේශපාලන වාර්තාකරු I

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට නීතිපතිවරයා කැඳවීමට ව්‍යවස්ථා සභාව පසුගිය සඳුදා තීන්දු කළේය. මෙලෙස නීතිපතිවරයා ව්‍යවස්ථා සභාවට කැඳවන්නේ අතිවිශේෂ නීති උපදෙසක් ලබාගැනීම පිණිසය.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාවට කිසියම් පත්වීමක් සඳහා නමක් නිර්දේශ කළ පසු එම නම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කළ විට එවන් අවස්ථාවක අගතියට පත් පාර්ශ්වය නඩු පැවරුවහොත් නීතිපතිවරයාට ව්‍යවස්ථා සභාව වෙනුවෙන් පෙනී සිටිය හැකිද යන්න ගැන තීරණයක් ගැනීම නීතිපති කැඳවීමේ අරමුණ බව දේශයට වාර්තා වෙයි.

මෙහි පවත්නා නීතිමය අර්බුදය වන්නේ එවන් නඩු කටයුත්තකදී අදාළ නම නිර්දේශ කළ ජනාධිපතිවරයා වෙනුවෙන් මෙන්ම නම ප්‍රතික්ෂේප කළ ව්‍යවස්ථාව සභාව වෙනුවෙන්ද නීතිපතිට පෙනී සිටිය හැකිද යන්නයි.

මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ව්‍යවස්ථා සභාව වෙනුවෙන් නීතිපතිට පෙනී නොසිටින අවස්ථාවල ඒ සඳහා පෞද්ගලික නීතිඥ සහාය ලබාගැනීමට අදාළව මෙම උපදෙස පතන බව ව්‍යවස්ථා සභා ආරංචි මාර්ග කියයි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00