2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

හිතුවක්කාරකමක්

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 53

I සංජීවිකා සමරතුංග

ජනරජයට සම්බන්ධ පෙරමුණක උත්සවයක් පසුගියදාක කොළඹදී පැවැත්වුණා. ඒකට හුඟාක් පක්ෂවල ලොකු ලොක්කන්ට ආරාධනා කරලත් තිබුණා.

ඉතින් ඕකට ප්‍රධාන විපක්ෂයෙන් යන්න හදාපු තුන්දෙනකුට පක්ෂයේ නායක තැන ඔය වැඩේට යන්න එපා කියලා තද උපදෙසක් දුන්නලු. මේ තුන්දෙනාගෙන් දෙන්නෙක් කොළඹ කෑගල්ල දිසා නියෝජනය කරන ප්‍රබල චරිත දෙකක්. අනෙක් කෙනා නැගෙනහිර පළාත නියෝජනය කරන සුළු පක්ෂ නායකයෙක්ලු. එයා ප්‍රධාන විපක්ෂය එක්ක සන්ධානගත වෙලා ඉන්න පොරක්ලු. කොහොම නමුත් පක්ෂ නායකගේ අණ නොතකා මේ තුන්දෙනාම ජනරජ සමුළුවට යන්න සූදානම් වුණා. එහෙම අණ නොතකා යන බව පක්ෂ නායක තැන දැනගත්තම පක්ෂයේ මහලේකම් තැනටත් ඒ සමුළුවට යන්න කියලා නියම කළාලු.. අර තුන්දෙනාගෙ හිතුවක්කාර ගමනෙ සැර බාල කරන්න ඕනෑ නිසා. 

අන්තිමට ඒ අය ජනරජ සමුළුවේ මුල් පෙලේ අසුන් අරන් හිටියලු.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00