2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා

ණය අඩු වුණොත් ආයෝජන නගීවිලු

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

ව්‍යාපාරික වාර්තාකරු I

දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 125% (සියයට එකසිය විසිපහක්) පමණ වන රටේ ණය බර ණය ප්‍රතිව්‍යුහගත කිරීම හමාර වූ පසු 90% ක් (සියයට අනූවක්) දක්වා අඩුවනු ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් රටට පුළුල් ආයෝජන අවස්ථා සලසා ගැනීමට නම් දළ දේශීය නිෂ්පාදිතයේ ණය ප්‍රතිශතය 75% (සියයට හැත්තෑ පහක්) දක්වාවත් අඩු කරගත යුතුව ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

දැනට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම බොහෝ දුරට හමාර වී තිබේ. එහෙත් පෞද්ගලික ණය ප්‍රතිව්‍යුහගත කිරීම හමාර නැත. වාර්තා වන ආකාරයට රජයේ පෞද්ගලික විදේශ ණය ප්‍රමාණයේ වටිනාකම ඇ. ඩොලර් බිලියන 14 කි. ඒ සඳහා ගෙවිය යුතු පොලිය ඩොලර් බිලියන 17 කි. ඒ අතර රටේ දේශීය ණය සඳහා රාජ්‍ය ආදායමින් 65% (සියයට හැටපහක්) පොලිය ලෙස දැනට ගෙවමින් සිටින බවද වාර්තා වෙයි.

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00