2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා

චන්ද්‍රිකා-මෛත්‍රී සන්ධානය කොට උඩ යන හැඩ!

 2024 පෙබරවාරි 17 වන සෙනසුරාදා, ප.ව. 02:02 253

 අපේක්ෂකත්වයට සටනක් 

දේශපාලන වාර්තාකරු I

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන නව දේශපාලන සන්ධානයට අදාළ ගිවිසුම් අත්සන් කිරීම තවදුරටත් පමාවන බව දේශයට වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ මෙම සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රශ්නය නිරාකරණය නොවීමයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙම තනතුර සඳහා රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු හා නීති විශාරදවරයකු වන කෙනකුගේ නම යෝජනා කර ඇත. එහෙත් ජනාධිපති අපේක්ෂකත්වයට වඩාත් සුදුස්සා තමන් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම ඉල්ලා සිටීම නිසා අපේක්ෂකත්වය පිළිබඳ අර්බුදය හටගත් බව වැඩිදුරටත් වාර්තා වෙයි.

එම නිසා මාර්තු මස මුල් සතියේ අත්සන් කිරීමට නියමිතව තිබූ නව සන්ධාන ගිවිසුම අත්සන් කිරීම තවදුරටත් ප්‍රමාද වන බව කියැවේ. එම සන්ධානය සඳහා අනුර යාපා මහතාගේ නායකත්වයෙන් යුත් ලංසා පිල, නසීර් අහමඩ් මහතාගේ නායකත්වයෙන් යුත් පක්ෂය, මන්ත්‍රී වියලේන්ද්‍රන් මහතාගේ නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂය හා අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් මූලික වශයෙන් එකඟ වී තිබිණි.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00