2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා

කෙහෙළිය අත්තඩංගුවට...

 2024 පෙබරවාරි 03 වන සෙනසුරාදා, ප.ව. 02:02 67

I ගයාන් ගාල්ලගේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වර්තමාන පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය සිකුරාදා (02) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රමිතියෙන් තොර හියුමන් හිමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එදින උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසුව පැය 10කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංවිධාන රැසක් විසින් රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා තෙක් විවිධ විරෝධතා රාශියක් පසුගිය කාලය පුරා සිදුකරනු ලැබීය.

මීට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත, ඖෂධ එන්නත් 22,500ක් ආනයනය කළ සමාගමේ හිමිකරු ඇතුළු සැකකරුවන් හයදෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබේ. මෙම ඖෂධයේ ආසාත්මිකතා හේතුවෙන් රෝගී මරණ, අතුරු ආබාධ සහ දෑස් අන්ධවීම් ඇතුළු අනතුරු රැසක් සිදුවී ඇති බවට විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල විය.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00