2024 ජනවාරි 13 වන සෙනසුරාදා

’’යුක්තිය’’ අඩුපාඩුකම් : මානව හිමිකමට පැමිණිලි රැසක්

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:01 82

I ගයාන් ගාල්ලගේ

ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සිදුකරනු ලබන 'යුක්තිය' මෙහෙයුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත දෛනික පැමිණිලි යොමු කෙරෙන බව එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.

ලිඛිතවත්, දුරකථන හරහාත්, නිර්ණාමිකවත් පැමිණිලි ගලාගෙන එන බවත් එහෙත් මානව හිමිකම් කොමිසම පැමිණිලි ලබාගන්නා ආකාරයට පමණක් පැමිණිලි ලබාගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන් ඇතැම් වැටලීම් සහ පරීක්ෂා කිරීම්වලදී පොලිස් නිලධාරීන්ගෙන් සිදුවන අඩුපාඩු සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

කෙසේ වෙතත් අදාළ මෙහෙයුමේදී සිදුවන යම් යම් අඩුපාඩු සහ වැරදි සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුම්වත් කරන බව හෙතෙම සඳහන් කර සිටියේය.