
I සංජීවිකා සමරතුංග
එ.ජා.ප, ශ්‍රී.ල.නි.ප. සම්මුති ආණ්ඩුව ලබන අගෝස්තු මාසයෙන් පසුව පවත්වාගෙන යා යුතුද යන්න තීරණයක් ගැනීමට ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා මුණගැසීමට අපේක්ෂා කරන බව දේශයට වාර්තා වෙයි.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න, අමාත්‍ය අනුර යාපා මෙම නියෝජිත පිරිසට ඇතුළත්ය. ඔවුන් ලබන සතියේ මේ ගැන සාකච්ඡාවකට ජනාධිපතිවරයා මුණගැසෙණ බව එම කණ්ඩායමට අයත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු කීය.
ප්‍රධාන පක්ෂ දෙකේ ක්‍රියාකාරකම් හා පැවැත්මද ඇතැම් අමාත්‍යවරුන්ගේ ක්රියාකලාපයන්ද නිසා සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යාමේ බරපතළ ගැටලු උද්ගත විය. එබැවින් මෙම සාකච්ඡාව කරන්නට තීන්දු කළ බවද හෙතෙම පැවසීය. ඉදිරි මැතිවරණවලට පෙර ශ්‍රී.ල.නි.ප. සමගිය සඳහා අවශ්‍ය පියවර ගතයුතු බවද ඔහු ප්‍රකාශ කළේය.