2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

අල්ලස් කොමිසමේ නව සභාපති නීල් ඉද්දවෙල?

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 47

 දේශපාලන වාර්තාකරු I

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල මහතාගේ නම යෝජනා වී ඇතැයි ව්‍යවස්ථා සභා ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ඉදිරි ඉදිරි ව්‍යවස්ථාදායක සභා රැස්වීමේදී සිදුකෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

ඉද්දවෙල මහතා මෙයට පෙර දිසා විනිසුරුවරයකු වශයෙන් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයකු ලෙස ද කටයුතු කර තිබේ.

අල්ලස් දූෂණ කොමිසමේ සෙසු සාමාජිකයන් තෝරුගැනීමද ඉදිරි ව්‍යවස්ථාදායක සභා රුස්වීමේදී සිදුවනු ඇතැයි සඳහන්ය. වර්තමානයේ අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ සභාපතිත්වය දරන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මියයි.

පසුගියදා මැතිසබයේ සම්මත වූ දූෂණ විරෝධී පනත අනුව නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පත්කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.