2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

උද්ධමනය ගැන බොරු කතා එපා - සුනිල් හඳුන්නෙත්ති

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:01 109

ගයාන් ගාල්ලගේ I

ආණ්ඩුව උද්ධමනය ගැන අංක ගණිතය ජිල්මාට් දැම්මාට වෙළෙඳපොළේ තත්ත්වය ඉතාම දරුණු බව ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

එළවළු මිල අහස උසට ගොස් ඇති බවත් ජනතාවට එය දරාගැනීමට නොහැකි තත්ත්වයක තිබියදීත් උද්ධමනය පහළ වැටී ඇති බවට ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා පැවසීමෙන් මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය දැනගත හැකි බව හෙතෙම සඳහන් කළේය.

ක්‍රිකට් උලුප්පමින් ආණ්ඩුව සිදුකරන්නේ ආණ්ඩුවේ බැරියාව වසා ගැනීම බවද ඒ මහතා කීය.