2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා

මාරයි! හැඩකාර ඇමැතිට තොප්පියක්

 2023 නොවැම්බර් 25 වන සෙනසුරාදා, ප.ව. 02:04 662

සංජීවිකා සමරතුංග I

මේ දවස්වල රටේම පුවත් මවන හැඩ වැඩ ඇති තරුණ කටකාර ඇමැති කෙනෙකුට සම්බන්ධ පවුලේ කෙනෙකුගේ බරපතළ වාහන ජරමරයක් ගැන ආරක්ෂක අංශ සෙවුම් බැලුම් පටන් අරන්ලු.

මේකෙ අලුත්ම ප්‍රතිඵලය දඹුල්ල පැත්තේ රථගාලක රඳවා තිබුණු රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථයක් අත්අඩංගුවට ගැනීම කියලයි ආරංචි.

මේ වාහනයේ නාමික හිමිකරු අපි කියන දේශපාලුතුමාගේ සහෝදරයෙක් කියලා කියවෙනවා. ඒත් වාහන බිස්නස්වලට සම්බන්ධ මේ ඇමතිතුමා ඔය කියන වාහනයේ සැබෑ හිමිකරු බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබිලා. ඒ නිසා ශීඝ්‍ර විදිහට මේකෙ අගමුල සොයන්න පටන් අරන්ලු. වැඩේ හරියට මාට්ටු වුණොත් දැනටත් ගිනි කන්දක් උඩ ඉන්න ඇමැති සයිස් මහත්තයාගේ පුටුව ඉක්මනටම පෙරළෙන්න පුළුවන් කියලා දූෂමාණ ආරංචියක් යවනවා.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 05:04
 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00