2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

විදුලි බිලට දේශපාලක පොලු 50ක්

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 37

ගයාන් ගාල්ලගේ I

විදුලි බිලට පොලු තැබූ දේශපාලනඥයන් 50කට ආසන්න පිරිසක් තවමත් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා දේශයට පැවසීය. එක්තරා දේශපාලනඥයකු දකුණු පළාතේ වෙසක් කලාපයක් පවත්වා රුපියල් ලක්ෂ 11 ක පොල්ලක් විදුලිබල මණ්ඩලයට තබා ඇති බව හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් ඇතැම් තොරතුරු විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියෙන් ඉල්ලා සිටියත් දේශපාලනඥයන්ට බියවීම නිසා එම තොරතුරු ලබා නොදෙන බවද හෙතෙම කීය. එහෙත් ඉක්මනින් අදාළ තොරතුරු ලබාගෙන රටට හෙළිදරව් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00