2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

පොලිසිය ගණිකාවක් නොවේ - පොලිස්පති

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:01 240

ආරක්ෂක වාර්තාකරු I

ශ්‍රී ලංකා පොලිසිය යනු කුඩු ජාවාරම්කරුවන්ට, පාතාලයන්ට හෝ නීතිවිරෝධී ඉඩම් ජාවාරම් කරන්නන්ට අලෙවි කිරීමට සිටින ගණිකාවන් නොවන බව සියලු ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ පොලිස් නිලධාරීන් සිහි තබාගත යුතු බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අමතා ප්‍රකාශ කර තිබේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරයන් අමතා පසුගිය බදාදා විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි. පොලිසියේ අනාගත යහපැවැත්ම හා සැලසුම් පිළිබඳව සිය දේශනය පවත්වමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කර තිබිණි. ඉදිරි කාලයේදී පවත්නා අපරාධ හා අනීතික කටයුතු මර්දනය සඳහා පොලිසියේ කළ යුතු වෙනස්කම් සිදු කරන බවද හෙතෙම සඳහන් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අතර මෙතෙක් පමාවෙමින් පැවති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනකුගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි පොලිස්පතිවරයා පොලිස් කොමිසමට ලිඛිතව දන්වා ඇති බව සඳහන් වෙයි.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00