2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා

බාල බේත් සැර බේත්වලට දොර අරී

 2023 ඔක්තෝබර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:03 68

ගයාන් ගාල්ලගේ I

රෝහල්වලට ඇතුළුවන රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට වෛද්‍යවරුන් හට අධි මාත්‍රාවෙන් බෙහෙත් නිර්දේශ කරන්නට සිදුවී ඇති බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා දේශයට පැවසීය.

ඒ බාල ඖෂධ හේතුවෙන් බව හෙතෙම සඳහන් කළේය. මේ හේතුවෙන් වෛද්‍යවරුන් බෙහෙත් නිර්දේශ කිරීමේදී දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රෝගීන් සියයට හතළිහක් (40%) රජයේ සෞඛ්‍ය පද්ධතිය තුළ වැඩි වී ඇති බවට උජාරුවෙන් කීවත් ඇත්ත වශයෙන්ම සිදුවී ඇත්තේ බාල ඖෂධ හේතුවෙන් කිහිප වතාවක් රෝගීන්ට බෙහෙත් ගන්නට සිදුවී තිබීම බවද ඒ මහතා කීය.