2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා

විදුලිය වගේම ජල ගාස්තුවත් නගී

 2023 ඔක්තෝබර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:04 110

ගයාන් ගාල්ලගේ I

විදුලි ගාස්තුව ඉහළ දැමීමට සමගාමීව ජල ගාස්තුවද ඉහළ නංවන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා දේශයට පැවසීය. ජල පිරිපහදුව, බෙදාහැරීම ආදී කාර්යයන් සඳහා විශාල ලෙස විදුලිය වැය වන බැවින් එකී පාඩුව පියවා ගැනීමට ජල බිල ඉහළ නැංවීමට සිදුවන බව හෙතෙම සඳහන් කළේය.

 

ජල ගාස්තුව වැඩි කළත් තවමත් මණ්ඩලය පාඩු ලබන බවත් විදුලි ගාස්තුව වැඩි වුවහොත් එම පාඩුව තවත් ඉහළ යාම නිසා ජල ගාස්තුව යම් ප්‍රතිශතයකින් ඉහළ දමන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00