2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

සුපිිරි ගැටුම අද ටිකට් සේරම ඉවරයි

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

I දේශපාලන වාර්තාකරු

ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද දින පැවැත්වෙයි. පසුගිය බ්‍රහස්පතින්දා පැවති අවසන් පූර්ව වටයේ (සුපිරි සිව්දෙනාගේ වටයේ) තරගයෙන් පකිස්ථානය පරදා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ 13 වැනි අවස්ථාව මෙයයි. පසුගිය වර පැවති ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ආසියානු කුසලානය දිනාගත්තේද ශ්‍රී ලංකාවයි.

අද සවස 3.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ආසියානු කුසලාන අවසන් මහා තරගයේ ටිකට්පත් සියල්ල විකිණී අවසන් බව වාර්තාවෙයි.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00