දේශපාලන වාර්තාකරු I
ශ්‍රී ලංකාව අවට මුහුදු පතුල පරීක්ෂා කළ හැකි චීනයට අයත් විශේෂ පර්යේෂණ නෞකාව ලබන ඔක්තෝබර් මස අවසන් සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇතත් එය නොවැම්බරය දක්වා කල්දමන ලෙස රජය දන්වා ඇතැයි දේශයට වාර්තා වෙයි.
මෙම නෞකාව පැමිණීම සම්බන්ධව මේ වනවිටත් ඉන්දියාව සිය විරෝධය පළකර තිබේ. ඒ අතර ශ්‍රී ලංකා රජයට දැනට මෙකී පර් යේෂණ නෞකාවට කොළඹට පැමිණීමට අවසරය ලබාදී ඇත්තේ දැඩි කොන්දේසි කිහිපයකට යටත්වය. නැව කොළඹට පැමිණ මුහුදු පතුල පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරද්දී ශ්‍රී ලාංකික නිලධරයන් නැවේ සිටිය යුතුය යන්න පළමු කොන්දේසියය. එසේම එම පර්යේෂණ දත්ත ශ්‍රී ලංකාවට ලබාදිය යුතු බවටද කොන්දේසියක් පනවා තිබේ.
කෙසේ වෙතත් මෙම පර් යේෂණ නෞකාව සති තුනකට වැඩි කාලයක් ශ්‍රී ලාංකික මුහුදු තීරයේ පර්යේෂණ පවත්වනු ඇතැයි සඳහන්ය. ඉන්දියාව මේ නැව පැමිණීම ගැන විරෝධය පළකර ඇත්තේ ඔවුන් මුහුදු පතුල පරීක්ෂා කරන මුවාවෙන් චීනයේ ආරක්ෂක අංශයට අයත් සබ්මැරීන මෙහෙයුම්වලට ගැලපෙන ස්ථාන සොයන බවට බිය පළ කරමිනි.