2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ලන්සා - මෛත්‍රීපාල රහස් සාකච්ඡා

 2023 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

දේශපාලන වාර්තාකරු I

ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවේ විකල්ප දේශපාලන කණ්ඩායම වන නිමල් ලන්සා කණ්ඩායම අතර රහසිගත දේශපාලන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ. විදේශගතව සිටි නිමල් ලන්සා මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව පැවති මෙම සාකච්ඡාවට ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයකු සහ බස්නාහිර පළාත නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයකුද සහභාගි වී ඇත.

 

ඉදිරි කාලයේදී ශ්‍රීලනිපය සහ නිමල් ලන්සා කණ්ඩායම එකට වැඩ කිරීම ගැන මෙහිදී සාකච්ඡා වී තිබේ. මෙම වැඩපිළිවෙළට බාධාකාරී ලෙස හැසිරෙන ශ්‍රීලනිපයේ ඉහළ නිලතල දරන්නන්ගේ තනතුරු ගණනාවක්ම ඉතා ඉක්මනින් වෙනස් කෙරෙන බවටද මෙකී සාකච්ඡාවේදී ඉඟි පළ වී ඇතැයි දැනගන්නට ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00