2017 ජුනි 03 වන සෙනසුරාදා

මම අස්වෙනවා ඇමැතිවරයෙකුගෙන් තර්ජනයක්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 876

වත්මන් රජයේ හවුල්කාර පක්ෂයක නායකත්වය දරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකුගේ අනුග්‍රහය ඇතිව ආරම්භ කළ රෑපවාහිනී චැනලයක් දීපව්‍යාප්තව විකාශය කිරීමට අවසර නොදීම ගැන උරණ වී තමන් සිය මන්ත්‍රීන් සමඟ රජයෙන් ඉවත්වන බව ආණ්ඩුවේ බලධරයන්ට දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය රජයේද අමාත්‍ය පදවියක් දැරූ මෙම පක්ෂ නායකයාගේ අනුග්‍රහයෙන් ආරම්භ කළ රූපවාහිනී චැනලය දිවයිනේ සීමිත ප්‍රදේශ ගණනාවක විකාශයට විදුලි සන්දේශ නියාමන කොමිසම අවසරය ලබාදී තිබේ. එහෙත් තමන්ට මෙකී සීමිත අවසරය ප්‍රමාණවත් නොවන බව කියමින් ඔහු මෙම තර්ජනාත්මක ප්‍රකාශය කර ඇතැයි වාර්තා වෙයි. එහෙත් ආණ්ඩුවේ නායකයන් අදාළ අමාත්‍යවරයාගේ තර්ජනය නොසලකා හැර තිබේ. එබැවින් ප්‍රශ්නය තව තවත් ව්‍යාකූල වෙමින් පවතින බව දැනගන්නට අැත.