
පසුගියදා සිදු වූ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැති තනතුරු මාරුවේදී මෙරට ප්රබලතම අමාත්‍යංශයක නියෝජ්‍ය අමාත්‍ය පදවියක් දැරූ දේශපාලනඥයකු ඔහු සේවය කළ අමාත්‍යංශයේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඓතිහාසික චිත්‍ර පහක් සහ රුපියල් මිලියන ගණනක් වටිනා වාහන අටක් තමන්ගේ නව අමාත්‍යංශයට රැගෙන යාමට තැත් කිරීමෙන් බරපතළ අවුලක් හටගෙන ඇතැයි වාර්තා වේ.
නව ඇමැති මාරුවේදී නියෝජ්‍ය අැමැතිවරයකු ෙලස අසල පිහිටි වෙනත් කාර්යාලයකට මාරුවීමක් ලැබූ මෙම දේශපාලකයා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන්නකු බවද දැනගන්නට ඇත. ඔහු චිත්‍ර සහ වාහන රැගෙන යාම සඳහා කරන ලද ඉල්ලීමට අදාළ අමාත්‍යංශයේ භාණ්ඩ ලැයිස්තු බාර නිලධාරීන්ගෙන් දැඩි විරෝධය පළවී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
I සංජීවිකා සමරතුංග