
ගංවතුරෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් විදෙස් රටවලින් ලබාදෙන ද්‍රව්‍යමය ආධාර වෙනුවට නිවාස 800ක් සෑදීම සඳහා මූල්‍යමය ආධාර ලබාදෙන ලෙසට රජය එම රටවලින් ඉල්ලා තිබේ.
එම නිවාස සෑදීමේදී නිවෙස් හිමියට රුපියල් ලක්ෂ 25ක මුදලක් අතට ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ සඳහා වන තොරතුරු ලබාගැනීම් මේ දිනවල විපතට පත් ග්‍රාමසේවක කොට්ඨාස හරහා සිදුකරමින් තිබෙන බව සඳහන් වේ.
එහෙත් එලෙස මුදල් ලබාදුන්නත් නායයාම් අවදානම් ප්‍රදේශ නැවත කිසිදු ඉදිකිරීමක් සඳහා අවස්ථාව ලබා නොදීමටද රජය තීරණය කර තිබේ.
එම නිවාස පූර්ණ සහ අර්ධ හානි වශයෙන් වෙන් කර ඇත.
I ගයාන් ගාල්ලගේ