2017 ජුනි 03 වන සෙනසුරාදා

මරණ 208 යි 92 ක් අතුරුදන්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 43

අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 208 දෙනකු මියගොස් තවත් පුද්ගලයන් 92කු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

අතුරුදන් වූ පුද්ගලයන්ද මරණයට පත්වන්නට ඇතැයි සැකකරන අතර ඒ අනුව මරණ සංඛ්‍යාව 300 ඉක්මවන බව ආරංචි මාර්ග පවසයි.

පවුල් 175,516ක් ආපදා බලපෑමට ලක්වී ඇති අතර එය පුද්ගලයන් වශයෙන් 677,241කි. එයින් පුද්ගලයන් 72කු තුවාල ලබා සිටිති.

දැනට ලැබී ඇති තොරතුරු අනුව නිවාස 1,735ක් පූර්ණ වශයෙනුත් තවත් නිවාස 9,432 අර්ධ වශයෙනුත් හානි වී තිබේ.

කඳවුරු 321ක පවුල් 17,446ක් ආරක්ෂිතව රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එම වාර්තා අනුව වැඩිම හානි සහ මරණ වාර්තා වන්නේ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලිනි.

I ගයාන් ගාල්ලගේ