2023 ජුලි 15 වන සෙනසුරාදා

ජනපති රනිල් ඉන්දීය නායකයන් රැසක් හමුවෙයි

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

I දේශපාලන වාර්තාකරු

ලබන 21දා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය හා අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර්, මුදල් ඇමැතිනී නිර්මලා සීතා රාමන්, ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං හා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා කරනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මෙම චාරිකාවට විදේශ අමාත්‍ය අලි සබ්‍රි, බලශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍ය කාංචන විජෙසේකර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුද එක්වෙති.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00