2023 ජුලි 08 වන සෙනසුරාදා

කුරුඳුවලට දෙපාර්තමේන්තුවක්

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 93

I දේශපාලන වාර්තාකරු

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර තිබේ. පසුගිය අයවැය ලේඛනය මගින් යෝජනා කරන ලද පරිදි කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලබන්නේ දිවයිනේ වැඩිපුරම කුරුඳු වැවෙන ප්‍රදේශය ලෙස සැලකෙන කරන්දෙණියේය.

කුරුඳු ආශ්‍රිතව අගය එකතු කළ විවිධ නිෂ්පාදන දිරිගැන්වීම නව දෙපාර්තමේන්තුව පිහිටුවීමේ මූලික අරමුණකි. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීම සඳහා ආරම්භක පිරිවැය වශයෙන් රුපියල් කෝටි 20 ක් (මිලියන 200) අයවැය මගින් වෙන්කර ඇත.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00