2023 ජුලි 01 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක්

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලාංකික සමාජය එක්සත් කිරීම සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් මෙරට ස්ථාපනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. පසුගියදා ප්‍රංශයේ ප්‍රාන්ස් 24 රූපවාහිනිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ජිනීවා මානව හිමිකම් කොමිසමේද නිර්දේශ අනුව සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම ස්ථාපිත කෙරෙයි. මේ සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා මහතාගෙන් උදව් ලබාගැනීමට සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

දැනට කෙටුම්පත් කර ඇති සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමට අදාළ පනත් කෙටුම්පත ලබන අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවද ජනාධිපතිවරයා කීය. අනතුරුව කොමිසම සඳහා නව ලේකම් කාර්යාලයක් ආරම්භ කෙරෙනු ඇතැයි හෙතෙම පැවසීය.

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00