2023 ජුලි 01 වන සෙනසුරාදා

අය 100 යි! ණය 118යි!

 2023 ජුලි 01 වන සෙනසුරාදා, ප.ව. 02:03 101

I ව්‍යාපාරික වාර්තාකරු

ශ්‍රී ලංකා ආණ්ඩුව වසරකට රුපියල් 100/- ක ආදායමක් ලබන විට රුපියල් 118/- ක් ණය ගෙවීමට කැප කළ යුතු බව මහ බැංකුවේ නවතම වාර්තාව පෙන්වා දෙයි. බ්‍රිතාන්‍ය ගුවන්විදුලියද (BBC) මේ බව අවධාරණය කර තිබිණි.  එම මහ බැංකු වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ නොපියවූ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 118.7% කි.   

ඒ අතර රජය ප්‍රකාශ කරන්නේ වසර 2032 වනවිට මෙම ණය ප්‍රතිශතය 95% කට අඩු කිරීමට සැලසුම් කර ඇති බවයි.

මහ බැංකුව ප්‍රකාශ කරන පරිදි පසුගිය කාලයේ රජය තමන්ගේ සෙසු වියදම් තිබියදී රටේ ණය වාරික සහ ණය පොලී ගෙවීමට වාර්ෂික රාජ්‍ය ආදායමෙන් 70% ක්ම වැය කර ඇති බවද සඳහන්ය.

 

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00