2023 ජුනි 17 වන සෙනසුරාදා

තනි පුද්ගලයකුගේ මාසික වියදම රු. 13,777යි - ශ්‍රී ලංකා මහ බැංකුව

 2023 ජුනි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

I ව්‍යාපාරික වාර්තාකරු

එක් පුද්ගලයකුට තමන්ගේ අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට මසකට රුපියල් 13,777ක මුදලක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ (2022/ 2023) වාර්තාව පෙන්වා දෙයි. එම ආදායම සපයාගත නොහැකි අය දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින්නන් ලෙස හඳුනා ගැනෙන බවද මහ බැංකු වාර්තාව වැඩිදුරටත් කියයි.

ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැළඳුම් ආදියේ මිල ගණන් ඉහළ යාමත් රටේ උද්ධමනකාරී තත්ත්වයන්ගේ වර්ධනයක් ගතවූ වසර තුළ කැපී පෙනුණි. එම නිසා රටේ සමස්ත ජනගහනයෙන් 14.3% ක් දරිද්‍රතා රේඛාවෙන් (දුප්පත්කමේ රේඛාවෙන්) පහළට වැටී ඇති බව මහ බැංකු වාර්තාව අවධාරණය කරයි.

 

 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00