2023 මැයි 28 වන ඉරිදා

නි.කතානායකට ගෙම්බර් පෙන්වූ සභාපති!

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:04 341

දේශපාලන වාර්තාකරු l

රාජකාරි කටයුත්තක් සඳහා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ එක්තරා ප්‍රධාන පෙළේ ආයතනයක (මණ්ඩලයක) සභාපතිවරයාට දුරකතන ඇමතුම් 50කට ආසන්න ප්‍රමාණයක් ලබා දුන්නත් ඒ කිසිදු ඇමතුමකට අදාළ සභාපතිවරයා ප්‍රතිචාර නොදැක්වූ බවට නියෝජ්‍ය කතානායකවරයා චෝදනා කර ඇත. මෙම සභාපතිවරයා බලශක්ති විෂයයට සම්බන්ධ ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක සභාපති ධූරය දරන්නකු බවද වාර්තා වෙයි.

පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවති අවස්ථාවේ ඔහු මෙම චෝදනාව කළේය. මේ අවස්ථාවේදී තවත් මන්ත්‍රීන් ගණනාවක්ද රාජ්‍ය, සංස්ථා හා මණ්ඩල ප්‍රධානීන් මේ ආකාරයට හැසිරෙන බැවින් වහා ඔවුන් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බවටත් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.