2023 මැයි 21 වන ඉරිදා

පොදු කම්කරු නීතියක් හදයි

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 48

l දේශපාලන වාර්තාකරු

මෙතෙක් ක්‍රියාත්මක වූ කම්කරු නීති පද්ධතිය වෙනස් කොට රාජ්‍ය පෞද්ගලික අංශ දෙකටම බලපාන පොදු කම්කරු නීතියක් සකස් කිරීමට කම්කරු අමාත්‍යංශය තීන්දු කර තිබේ. ඒ සඳහා දැනටමත් අවශ්‍ය කරන මූලික වැඩ කටයුතු දියත් කර ඇතැයි කම්කරු අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මෙරට දැනට ක්‍රියාත්මක වන වෘත්තිය සමිති ආඥා පනත වර්ෂ 1930 දශකයේ සම්පාදනය කරන ලද්දකි. පඩි පාලක සභා ආඥා පනත, විශ්‍රාම වැටුප් අණ පනත දශක ගණනාවක් පැරණි නීතිරීතිය. එසේම රාත්‍රී සේවය, නිවාඩු ලබාගැනීම ආදී කාරණාවලට අදාළ රෙගුලාසිද කාලීනව යාවත්කාලීන කර නොමැත. එබැවින් පවත්නා නූතන ආර්ථික සමාජයීය හා දේශපාලන අවශ්‍යතාවලට ගැලපෙන පොදු කම්කරු නීතියක් සම්පාදනයට අවශ්‍ය අදහස ලබාගැනීම මේ දිනවල කම්කරු අමාත්‍යංශයේදී සිදුකෙරෙයි. වාණිජ මණ්ඩල වෘත්තිය සමිති මෙන්ම පුද්ගල මට්ටමින්ද එකී අදහස් ලබාගැනීමට පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍යංශය පවසයි.