2023 මැයි 21 වන ඉරිදා

ජනාධිපතිවරණයක් නැතිව අපේක්ෂකයන් මොකටද? - පොදුජන පෙරමුණ මහලේකම්

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 35

I දේශපාලන වාර්තාකරු

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කරන බව එහි මහලේකම් සාගර කාරියවසම් මහතා දේශයට කීය.

නමුත් ජනාධිපතිවරණයක් පේන තෙක් මානයක නොමැතිව ජනාධිපති අපේක්ෂකයන් නම් කිරීම හාස්‍යයට කරුණක් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පවත්නා නීතිය යටතේ ජනපතිවරණයක් තැබිය හැක්කේ 2024 නොවැම්බර් මස 28දාට පසුවය. ඊට පෙර ජනපතිවරණයක් පැවැත්වීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ආ යුතුය. එවන් පසුබිමක දැන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ගැන කතා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නැති බවද ඔහු අවධාරණය කළේය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00