2023 මැයි 14 වන ඉරිදා

නිදහස් ජනතා සභාවෙනුත් ජනපති අපේක්ෂකයෙක්

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 37

I ජේ.ඒ.එල්. ජයසිංහ

ඉදිරි ජනාධිපතිවරණයේදී නිදහස ජනතා සභාවෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්, එසේ වුවද පවතින තත්ත්වය යටතේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම සැකසහිත බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර මහතා විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ''ආර්ථික ජිල්මාට්'' දාලා ජනතාව රවටන එකයි වත්මන් ආණ්ඩුව කරන්නේ. ඉදිරියේදී ඉඩම් පනතක් ගෙනැල්ල ශ්‍රී දළදා මාළිගාවට විහාර දේවාලවලට හා පන්සල්වලට අයිතිව තිබෙන ඉඩම් ටිකත් අහිමි කරන තත්ත්වයක් ඇති කරාවි. ජනතාවට දරා ගැනීමට බැරි බදු අය කිරීම සිදුවේවි. මේ ආණ්ඩුව ''ජිල්මාට් දාන'' ආණ්ඩුවක් බව කිව යුතු යැයි වැඩිදුරටත් පැවසීය.