2023 මැයි 14 වන ඉරිදා

ජාතික ප්‍රතිපත්ති හදන්න කොමිෂන් සභාවක්

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 34

I දේශපාලන වාර්තාකරු

ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාව නමින් නව ආයතනයක් ස්ථාපනය කිරීමට රජය තීන්දු කර තිබේ. ජනාධිපතිවරයා සභාපතිත්වය දරන මෙම සභාවෙහි සෙසු සාමාජිකයන් අතර අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු නිල බලයෙන් පත්වන සාමාජිකයන් දෙදෙනකුගෙන් සහ සිවිල් සමාජය නියෝජනය කරනු ලබන සාමාජිකයන් 12 දෙනකුගෙන් කොමිෂන් සභාව සමන්විත වනු ඇත.

මුළු සාමාජික සංඛ්‍යාව 21 දෙනකුගෙන් යුත් ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවෙහි මූලික කාර්යභාරය වනුයේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය, සැලසුම්කරණය සහ අධීක්ෂණයයි. වසර 25කට බලපාන එක් ජාතික ප්‍රතිපත්ති රාමුවක් මගින් ශ්‍රී ලංකාව තිරසර සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය ජාතික ප්‍රතිපත්ති කොමිෂන් සභාවේ මූලික අරමුණ වනු ඇතැයි වාර්තා වෙයි.