2023 මැයි 14 වන ඉරිදා

මාස 5ට ඩෙංගු රෝගීන් තිස් දෙදාහක් - වෛද්‍ය දීපාල් පෙරේරා

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:01 41

l සමන්ත ප්‍රදීප් විල්තෙර

ඩෙංගු ඉන්ෆ්ලුවෙන්සා හා ළමා හතිය හේතුවෙන් රෝහල් ගතවීම ඉහළ ගොස් ළමා රෝහලේ ඩෙංගු රෝගීන් 40 ඉක්මවා සිටින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දේශයට පැවසීය.

ජනවාරි 1 සිට මැයි 9 දක්වා මෙරට සමස්ත ඩෙංගු රෝගීන් 31993 ක් වාර්තා වී තිබේ. රෝගයේ වැඩිම ව්‍යාප්තිය බස්නාහිර පළාතෙන් වන අතර 15746 ක් එම පළාතෙන් වාර්තා වී ඇත. ඩෙංගු රට තුළ අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරැ අඟවා තිබේ.

කොවිඩ් 19 රෝගීන්ගේ වැඩිවීමක් තිබෙන බවත් පසුගිය කාලයේ නොදැනුවත්වම දරුවන්ට කොවිඩ් වෛරසය ආසාදනය වීමේ හෝ දූවිලි හා වෛරස් උණ වර්ග නිසා ළමා හතිය වැඩි වී තිබෙන බවද ඒ මහතා කීය.

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00