2023 මැයි 07 වන ඉරිදා

අරගලයෙන් සිදුවූ විනාශය ජනපති කොමිසමකින් සොයන්න - ඇමැති ප්‍රසන්න

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 43



ගයාන් ගාල්ලගේ l

අරගලය දිනයේ තමන් ඇතුළු දේපළ විනාශ වුණු සියල්ලන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා පූර්ණ බලතල සහිත විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස තමන් රජයට යෝජනා කරන බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දේශයට පැවසීය. එම කොමිසමට අදාළ සිදුවීම ගැන පූර්ණ විමර්ශනයක් කොට වරදකරුවන්ට දඬුවම් දීමේ හැකියාව තිබිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

තවමත් තමන් ඇතුළු අසාධාරණයට ලක්වුණු කිසිවකුට සාධාරණයක් ඉෂ්ට නොවුණු නිසා මෙම ජනාධිපති කොමිසම තමන් යෝජනා කරන බව අමාත්‍යවරයා කීය.