2023 මැයි 07 වන ඉරිදා

වාණිජ බැංකු 7ක වත්කම් ෙසායාබලයි

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 52

I ව්‍යාපාරික වාර්තාකරු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 7ක වත්කම් තත්ත්ව සමීක්ෂණයක් (ඇසට් කොලිටි සර්වේ) පවත්වනු ලැබීය. සමීක්ෂණය සිදු කරන ලද්දේ බාහිර විගණන සමාගම් දෙකක් මගිනි.

මෙම සමීක්ෂණයේදී සොයා බැලුණේ අදාළ බැංකුවල ණය ප්‍රමාණයන් අක්‍රිය සහ සක්‍රිය ණය, බොල් ණය ඒවායින් කොපමණ ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කළ හැකිද යන කරුණ බව වාර්තා වෙයි. දැනට මෙම සමීක්ෂණයේ මූලික වාර්තාවක් සකස් කර ඇති අතර රටේ ඉතිරි වාණිජ බැංකුවලටද අදාළ වන ලෙස ඉදිරියේදී තවත් වත්කම් තත්ත්ව සමීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුවද මෙවන් සමීක්ෂණයක් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා තිබූ බව දැනගන්නට ඇත.