2023 මැයි 07 වන ඉරිදා

කලා අංශ සරසවි සිසුන්ට එකවර උපාධි 02ක්

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 39

I ගයාන් ගාල්ලගේ

කලා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලබන සිසුන් සඳහා කලා උපාධියට අමතරව පළමුවරට තවත් උපාධියක් ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව කලා උපාධියට ඇතුළත් වන අයකු සඳහා තොරතුරු තාක්ෂණ  හෝ පරිගණක විද්‍යා ඩිප්ලෝමාවකින් අනෙක් උපාධිය ආරම්භ කළ හැකි අතර ඉන්පසුව උසස් ඩිප්ලෝමාවද ඉන්පසුව උපාධිය දක්වා අධ්‍යනය කටයුතු සිදුකිරීමේ හැකියාව ඇත.

මෙම අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නොමිලේ සිදුකරන අතර ඒ සඳහා ලෝක බැංකු ආධාර මිලියන 400කුත් ශ්‍රී ලංකා මෘදුකාංග සංගමයෙන් සම්පත් දායකත්වයත් ලබා දී තිබේ.