2023 මැයි 07 වන ඉරිදා

රුපියල් දාහක අගය වසර 5කදී රු. 567ට බහීවි - මහාචාර්ය වසන්ත අතුකෝරල

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:01 180

I යසවර්ධන රුද්රිගූ

2022 වසරේ සිට 2028 වසර දක්වා මුදලේ වටිනාකම සංසන්දනය කරන විට 2022 වසරේ රුපියල් 1000 ක අගය 2028 වනවිට රුපියල් 567 දක්වා පහළ බසින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ දේශයට පැවසීය.

කෙනකුගේ ආදායම 2023 දී 43% කින් වැඩි නොකර මෙම තත්ත්වයට මුහුණ දිය නොහැකි වන බව ඔහු අවධාරණය කළේය. එහෙත් මෙලෙස ආදායම වැඩි කිරීම කිසිවිටෙක සිදු කළ නොහැක්කක් වන අතර ඒ හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට ලක්වන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම කාල පරිච්ඡේදය තුළ ජනතාවට 119% ක බදු බරක් පැටවීම රජය සැලසුම් කිරීම හේතුවෙන් තත්ත්වය වඩාත් උග්‍ර වනු ඇත. 2023 දී බදු බර රුපියල් බිලියන 27,871 ක්වූ අතර 2028 වසර වනවිට රුපියල් බිලියන 44,601 ක් දක්වා ඉහළ යන බව ඔහු වැඩිදුරටත් කීය.

මෙම තත්ත්වයට මුහුණදීම සඳහා කෙනකුගේ ආහාර පරිභෝජන මට්ටම හරි අඩකින් අඩු කරන්නට සිදුවන අතර එසේ සිදුවුවහොත් ජනතාවගෙන් වැඩි කොටසකට ආහාර අර්බුදය නිසා රෝගාබාධවලට සහ මියයාමට සිදුවන බවට ඔහු අනතුරු ඇඟවීය. ජනතාව මෙම විපතෙන් ගොඩගැනීම සඳහා රජයට විශාල පරිශ්‍රමයක් සහ අතිරේක වැයක් දරන්නට සිදුවන අතර මේ වනවිට ආර්ථිකයේ හැකිලීම 3% - 4% අතර වන බැවින් ජනතා සහන සැලසීමට දුෂ්කර වීමෙන් විශාල ගැටලු පැන නගින බව ඔහු කියයි.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00