2023 අප්‍රේල් 30 වන ඉරිදා

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ආණ්ඩුකාරවරු දෙදෙනකු පතුරු ගසති

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:04 548

I දේශපාලන වාර්තාකරු

මේ සතියේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට මන්ත්‍රීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව දේශයට වාර්තා වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී මෙලෙස දැඩි විරෝධය එල්ල වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ටය. මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා බස්නාහිර හා වයඹ පළාත්වල හමුදා පාලනයක් වැනි පාලනයක් ගෙන යන බවට මන්ත්‍රීහු චෝදනා කළහ. මෙහිදී අදාළ ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන මන්ත්‍රීන් රුසක්ම කරුණු දක්වා ඇති අතර මධුර විතානගේ, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ, ඩී. වීරසිංහ, ඩී.බී. හේරත්, ජයන්ත කැටගොඩ ඇතුළු මන්ත්‍රීන් හා රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවක් ඊට එක්වූ බවද දැනගන්නට ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී මෙලෙස දැඩි විරෝධය එල්ල වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ යන මහත්වරුන්ටය. මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා බස්නාහිර හා වයඹ පළාත්වල හමුදා පාලනයක් වැනි පාලනයක් ගෙන යන බවට මන්ත්‍රීහු චෝදනා කළහ.

මෙහිදී අදාළ ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය ගැන මන්ත්‍රීන් රුසක්ම කරුණු දක්වා ඇති අතර මධුර විතානගේ, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ, ඩී. වීරසිංහ, ඩී.බී. හේරත්, ජයන්ත කැටගොඩ ඇතුළු මන්ත්‍රීන් හා රාජ්‍ය ඇමැතිවරුන් ගණනාවක් ඊට එක්වූ බවද දැනගන්නට ඇත.

පළාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පසු නාගරික කොමසාරිස්වරුන් පත්කිරීමේදී එක් ආණ්ඩුකාරවරයෙක් ක්‍රියා කළ ආකාරය ගැන, රජයේ ප්‍රධාන පෙළේ නිල රාජ්‍ය උත්සවයකට ආණ්ඩුවේ නිලධාරීන් සහභාගි වීම වැළැක්වීමට තවත් ආණ්ඩුකාරවරයෙක් ක්‍රියා කළ ආකාරය ගැන චෝදනා නැගූ මන්ත්‍රීන් සාක්ෂි සහිතව කරුණු දක්වා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු මේ අයගෙන් එක්තරා ආණ්ඩුකාරවරයකු අමතා රජය වෙනුවෙන් කිසියම් රාජකාරිමය උපදෙසක් ලබා දුන් විට ආණ්ඩුකාරවරයා මට ඔය උපදෙස් වැඩක් නැතැයි ප්‍රතික්ෂේප කළ බවටද මන්ත්‍රීහු චෝදනා නැගූහ. එම සිද්ධියට මුහුණදුන් ජනාධිපති උපදේශකවරයාද ඒ මොහොතේ මන්ත්‍රී කණ්ඩායම් රුස්වීමේ රුඳී සිටි බව සඳහන් වෙයි.

මේ ප්‍රධාන චෝදනාවලට අමතරව මෙම ආණ්ඩුකාරවරුන් සම්බන්ධව තවත් අතුරු චෝදනා ගණනාවක් සම්බන්ධව මන්ත්‍රීවරු කරුණු දැක්වූහ. අවසානයේ ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත්තේ මේ ගැන තවදුරටත් කරුණු විමසා තීන්දුවක් ගන්නා බවය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01